අධි චෝදනා ලැබ සිටින හිරුණිකා අසනීපව රෝහලේ

  👤  3656 readers have read this article !
By mawbima 2017-01-11

ඉෂාර රත්නකාර

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැර ගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීප වී රෝහල් ගතව සිටීම හේතුවෙන් අදාළ නඩුවේ විභාගය ලබන අප්‍රේල් 26 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ (10දා) තීරණය කළේය.

අදාළ නඩුවේ සාක්කි විභාග කිරීමට ඊයේ නියමිතව තිබිණි. නමුත් මෙම නඩුවේ විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීප වී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ඇයගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. මෙම නඩුවේ විත්තිකාරිය නොමැති වීම හේතුවෙන් නඩුවේ විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්