කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාගේ ප්‍රතිශෝධන අයැදුම්පත මාර්තු 10 වැනිදා සලකා බලයි

  👤  3622 readers have read this article !
By mawbima 2017-01-11

ඉෂාර රත්නකාර

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ශරීර කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පත ලබන මාර්තු 10 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය ඊයේ (10දා) තීරණය කළේය. තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසින් මෙම ප්‍රතිශෝධන අයැදුම්පත කොළඹ මහාධිකරණය වෙත යොමු කර තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්