ජොන්ස්ටන්ට එරෙහිව පවරා ඇති නඩු 5ක් මාර්තු 21දා කැඳවයි

  👤  3676 readers have read this article !
By mawbima 2017-01-11

ඉෂාර රත්නකාර

සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩු 5ක් ලබන මාර්තු 21 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (10දා) තීරණය කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකාර හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩු 5 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු ඊයේ දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අදාළ නඩු ලබන මාර්තු 21 වැනි දින කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්