සැකකාර නීල් ලක්‍ෂ්මන්ට නඩු පැවරීමට නීතිපති උපදෙස්

  👤  3633 readers have read this article !
By mawbima 2017-01-11

ඕපනායක - නිමල් බඳගිරිය

කහවත්ත කොටකෙතන පදිංචිව සිට, ඉකුත් 2012 වර්ෂයේ ඉතා අබිරහස් අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රේමවතී සහ පුෂ්පකුමාරි යන අයගේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට සතුව ඇති විද්‍යාත්මක සහ පරිවේෂණ සාක්ෂි මත ඒ. ජේ. නීල් ලක්‍ෂ්මන් නමැත්තාට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් ජනිතා රෝෂිනි පෙරේරා මහත්මිය ඊයේ (10දා) අධිකරණයේදී ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව 2017 මාර්තු 13 දිනයේ එකී නඩුව කැඳවීමට නියමිත බවත් එම ද්විත්ව ඝාතනය ඇතුළුව කහවත්ත කොටකෙතන පදිංචිව සිටි කාන්තාවන් හත්දෙනකු ඝාතනය කළ බවට දැනට රක්ෂිතයේ සිටින කොටකෙතන පදිංචි කරුවකු වූ ඒ. ජේ. නීල් ලක්‍ෂ්මන් නැවැත ජනවාරි 24 තෙක් රක්ෂිතයට පත්කිරීමටද නියෝග කළාය. ප්‍රධාන සැකකරුට අමතරව එම ඝාතන හතෙන් දෙකකට සම්බන්ධ බවට සැකපිට රක්ෂිතයේ සිටින ධනංජය මධුරංග ඕපාත සහ ඩබ්ලිව්. ධනපාල යන දෙදෙනාද 24දා තෙක් රක්ෂිත භාරයට පත් කිරීමට නියෝග කෙරිණි.

රහස් පොලිසිය වෙනුවෙන් පො. කො. සුමිත් (77667) මහතා අධිකරණයේ පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්