පොලිස් කොමිසමේ සභාපති පුටුවට තෝරාගත් නම් තුන ජනපතිට යවයි

  👤  3629 readers have read this article !
By mawbima 2017-01-11

දෙනගම ධම්මික රණවීර

ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු වී පවතින සභාපති ධුරය සඳහා නම් 3ක් නිර්දේශ කොට අනුමැතිය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමු කොට තිබේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (9දා) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩු වී පවතින සාමාජික ධුරය සඳහා නාම නිර්දේශයක්ද ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු සඳහා ස්ථීර කාර්යාල පහසුකම් දීම පිළිබඳව එහිදී සලකා බලා ඇති අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ සාමාජිකයකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට භාර දී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්