අලුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි

  👤  3653 readers have read this article !
By mawbima 2017-01-11

චාමර අමරසූරිය

පොලිස් නව මාධ්‍ය නව ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කළ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඊයේ (10දා) පැවැසීය.

පසුගිය කාල සීමාවේ පොලිසිය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරීමේදී සිදුවූ විවිධ ගැටලුකාරී තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් නව මාධ්‍ය ප්‍රතිපත්තියක්ද හඳුන්වා දුන් බව ජගත් පී. විජේවීර මහතා සඳහන් කෙළේය.

පොලිස් නව මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධ හා අපරාධ බුද්ධි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසද කටයුතු කරනු ලබයි.

මාධ්‍ය නව ප්‍රතිපත්තියට අනුව ප්‍රතිපත්තිමය කරුණු, මතභේදාත්මක අවස්ථා සහ ජාතික හා අන්තර්ජාතික වශයෙන් සඳහන් වන කරුණු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලබයි.

ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන අපරාධ, රිය අනතුරු, ස්වාභාවික විපත් ආදී කරුණු සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදන පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරයි. ඒ සෑම දිනකම පෙරවරු 6.00, පෙරවරු 11.00 සහ පස්වරු 5.00 යන කාලසීමාවන්හිදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්