භූමිතෙල් රු.5කින් පහළට

  👤  3647 readers have read this article !
By mawbima 2017-01-11

චාමර අමරසූරිය

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී. කේ. ජයසිංහ මහතා "මව්බිම" ට පැවැසීය.

ඒ අනුව රුපියල් 44ක මිලට තිබූ භූමිතෙල් ලීටරයකින් රුපියල් 39ක් වෙයි.

2017 අය - වැය යෝජනාවකට අනුව මුදල් අමාත්‍යාංශයෙන් කළ දැනුම් දීමකට අනුව මේ මිල අඩු කිරීම සිදු කළ බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්