දෙකෝටි අසූ ලක්ෂයක හොර සල්ලි පන්නන්න හැදූ ඉරාන ජාතිකයා අල්ලයි

  👤  3623 readers have read this article !
By mawbima 2017-01-11

පහන් විජේසේකර

රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය මුදල් තොගයක් සමඟ ඉරානය බලා පිටත්වීමට පැමිණි ඉරාන ජාතිකයකු කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ඊයේ (10දා) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කටාර් ගුවන් සේවයට අයත් ශ්‍රී අ655 දරන ගුවන් යානයෙන් ඉරානයට යෑමට සූදානමින් සිටි අවස්ථාවේදී රේගු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ළඟ තිබූ ගමන් මල්ලේ යූරෝ එක් ලක්ෂ හැත්තෑ හත් දහසක මුදලක් සොයා ගත් බවත් ඔහු ලංකාවේ උමා ඔය ව්‍යාපෘතියේ යන්තේ‍රා්පකරණ ක්‍රියාකරුවෙක් වශයෙන් සේවය කරන අයකු බවත් විමර්ශනවලින් අනාවරණය වූ බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවැසීය. සැකකරු ඉරානයේ සිට නිතර නිතර ලංකාවට පැමිණි අයෙක් බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්