පාසල් නිල ඇඳුමෙ පාට වෙනස් කළ යුතුද..?

  👤  1674 readers have read this article !
By mawbima 2017-04-16

පාට වෙනස් කරනවට වැඩිය
කොච්චර වැඩ තියෙනවද..?

පාසල් ගුරුවරයෙක් විදිහට මම ඉතා පැහැදිලිවම නිල ඇඳුමේ වර්ණය වෙනස් කරනවාට විරුද්ධයි. සුදු වර්ණය සමඟ තමයි පාසල් දරුවාගේ ළමා ගතිය මතුවෙන්නේ. අධ්‍යාපන ඇමැති කියන විදිහට පාසල් දරුවෝ නිල ඇඳුම ඇඳගෙන ක්‍රීඩා කරන්නේ නැහැ. ඒකට වෙන ඇඳුමක් තියෙනවා. මෙයලට ඕනා කොහොම හරි මොනා හරි කරලා වෙනසක් කළා කියන්නයි.

අධ්‍යාපන ඇමැතිට පාසල් ඇඳුමේ වර්ණය වෙනස් කරනවාට වඩා කරන්න දේවල් බොහොමයක් තියෙනවා. වෙනසක් කරන්න ඕනා නම් ලංකාවේ දුෂ්කර පාසල්වලට ගිහින් ඒවගේ තියෙන
දුෂ්කරතා හඳුනාගෙන ඒවයි වෙනස් කරන්න ඕනා. මේ රටේ භෞතික සම්පත් නැති දුෂ්කර පාසල් කීයක් තියෙනවාද..? ළඟම පාසල හොඳම පාසල කරන්න කියලා බෝඩ් ලෑල්ලක් ගහලා වැඩක් නැහැ.

නිල ඇඳුමට
වැඩිය ප්‍රශ්න
ජනතාවට තියෙනවා

කවුරු හෝ කියනවා නම් රජයේ පාසල් නිල ඇඳුම වෙනස් කරන්න අවශ්‍යයි කියලා ඒක කරන්න අවශ්‍යයි කියන පදනම මොකක්ද කියලා විග්‍රහ කළොත් අදහස හෝ කැමැත්ත කියන්න පුළුවන්. යුනිෆෝම් ගැන මිනිස්සු හිතන්නෙත් නෑ. මේ රටේ ජනතාවට පාසල් නිල ඇඳුමට වඩා ප්‍රශ්න තියෙනවා.

පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ

පාසල් නිල ඇඳුමේ වර්ණය මාරු කිරීමට යෑම හරියට අර පය බරවායට පිටිකරට බෙහෙත් බඳිනවා වගේ වැඩක්. අධ්‍යාපන ඇමැතිවරයාට අනුව පාසල් දරුවෝ ක්‍රීඩා නොකරන්නේ තම නිල ඇඳුම අපිරිසුදු වෙන නිසාලු. අද මේ ක්‍රියාත්මක වෙන ආර්ථික, සමාජයීය, දේශපාලනමය ඉරඵබඥථ එකත් එක්ක පාසල් දරුවාට උගන්වන්නේ තමන්ගේ පන්තියේ තමාගෙ ළඟ ඉන්න අනෙක් සගයාව පරාද කරන විදිහයි. තනිකරම රේස් දුවන සත්තු පිරිස් බිහි කරලා තියෙන වටපිටාවක දරුවන්ට සාමූහිකව කරන ක්‍රීඩාවක නිරත වෙන්න වෙලාවක් නැහැ. මේ තියෙන ප්‍රශ්න විසඳන්න කලර් එක වෙනස් කරලා හරියන්නේ නැහැ.

අකිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයා සොයාගෙන තියෙන්නේ පුදුම සහගත හේතුඵල සම්බන්ධයක්. ක්‍රීඩා නොකිරීමට හේතුව සුදු වර්ණය කියලා ඔහු කියනවා නම් එක්කෝ ඔහු අධ්‍යාපන ඇමැතිකමට සුදුසු නැති මෝඩයෙක් වෙන්න ඕනා. එහෙම නැත්තම් හේතුඵල සම්බන්ධය සොයාගත්තු මාර දාර්ශනිකයෙක් වෙන්න ඕනා.

කණ්ඩායමක් පත්කරලා
විමසීමක්
කළ යුතුයි

පාසල් නිල ඇඳුමේ වර්ණය වෙනස් කරන්න අවශ්‍යයි කියලා කවුරුවත් තවම යෝජනාවක් කරලා නැහැ. එහෙම වෙනසක් කරනවා නම් පවතින ක්‍රමවේදය අනුව අපිටත් දැනුම් දෙනවා. කාගෙවත් තනි කැමැත්තට තනි මතයට එවැනි තීරණයක් ගන්න බැහැ. එහෙම කරනවා නම් ඒකට කණ්ඩායමක් පත්කරලා විමසීමක් කළ යුතුයි.

ඇඳුමට වඩා අධ්‍යාපනය වැදගත්

පිටරටවල්වල ගත්තම සාමාන්‍යයෙන් පාසලෙන් පාසලට නිල ඇඳුමේ වර්ණය වෙනස්. ඇත්තටම නිල ඇඳුමේ වර්ණය නෙවෙයි වැදගත් වෙන්නේ අධ්‍යාපනයේ ප්‍රායෝගික භාවිතයයි. ලකුණු පදනම් කරගත්තු අධ්‍යාපන ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. ඇත්තටම අඥඵභතබඵ විතරයි. අවසානයේ බලද්දී ජීවිතේ අසමත් වෙලා. මෙන්න මේ තත්ත්වයයි වෙනස් විය යුත්තේ. නූතන රැකියා වෙළෙඳ පොළට ගැළපෙන කුසලතාවලින් පිරිපුන් දරුවෝ බිහිකිරීම තමයි වැදගත් වෙන්නේ.

මුකුත්ම කරන්න බැරි වුණාම
කියන කතා ඕවා

මිනිස්සු මොනවත්ම කරගන්න බැරිව අන්ත අසරණ වුණාම ඔහොම මනෝ විකාර කියවනවා. පාසල් දරුවෝ ක්‍රීඩා කරන්න ගියාම නිල ඇඳුම කිලිටි කරගත්තා කියලා කවදාවත් මවුපියෝ විරුද්ධ වෙන්නේ නෑ. සෙල්ලම් කරන්න එපා කියන්නේ නැහැ. අකිල විරාජ් ඇමැතිවරයා හොයාගත්තු අලුත්ම දේ ඕක වෙන්න ඇති. සුදුපාට කියන්නේ පාසල් නිල ඇඳුමේ අනන්‍යතාව. සුදු ඇඳුමින් තමයි තොනක හිටියත් ඒ පාසල් දරුවෙක් කියලා හඳුනාගන්නේ. මොනවත්ම කරගන්න බැරි වුණාම ඔහෝම දෙයක්වත් කරන්න බලනවා.

වඩාත්ම සුදුසු
සුදුපාට තමයි

පාසල් නිල ඇඳුම කියපු ගමන් අපේ මනසේ මැවෙන්නේ සුදුපාට. සුදු ඇඳුම් ඇඳගෙන උදේට පාසල් යන දරුවෝ දැකීම පවා නෙතට හරි ප්‍රියමනාපයි. සුදු ඇඳුම ඉක්මනින් අපිරිසුදු වෙනවා තමයි, පිරිමහන්නත් අමාරුයි. නමුත් මම හිතන්නේ පාසල් නිල ඇඳුමේ වර්ණයට වඩාත් සුදුසු සුදුපාට කියලයි.

වර්ණය වෙනස් කිරීම හොඳයි

පාසල් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීම හොඳයි. මම නම් ඒකේ වරදක් දකින්නේ නැහැ. වර්ණ ඉතින් නිතර එහේ මෙහේ කරන්න පුළුවන්නේ. වර්ණය වෙනස් කරනවා කියන්නේ නූතනත්වයේ ලක්ෂණයක්. ඒක හොඳයි.

තනිකරම
මාධ්‍ය හදපු
කතාවක්

ඔය නිල ඇඳුමේ වර්ණය වෙනස් කරන කතාවත් තනිකරම මාධ්‍ය හදපු කතාවක්. කිසිම තැනක එහෙම දෙයක් කරනවා කියලා නැහැ.

මාධ්‍ය තමයි
කතා ප්‍රචාරය කරන්නේ

ඔය කතාව මම දැනගත්තේ මාධ්‍යයෙන්. මාධ්‍ය නිතරම ඔවැනි කතා තමන්ගේ පැවැත්ම උදෙසා ප්‍රචාරය කරනවා. මට ඇත්තටම පාසල් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීම ගැන හිතනවාට වඩා මගේ ආසනේ ගොඩක් ප්‍රශ්න තියෙනවා විසඳන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon