මැයි දිනයෙන් පසු ශ්‍රී ලනිපයේ ලොකු බෙදීමක්

  👤  1774 readers have read this article !
By mawbima 2017-04-16

මෙවර මැයි දිනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැහැදිලිවම බෙදීමක් සිදුව දේශපාලන වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවන බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතයේ මැයි දින පෙළපාළි හා රැලි පැවැත්වූයේ එම පක්ෂයේ නායකත්වයෙන් හා පසු කාලීනව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂවල එකමුතුවෙනි. එසේ වුවත්, ශ්‍රී ලනිපය තවමත් නියෝජනය කරන කණ්ඩායමක සහභාගිත්වයෙන් ජී. එල්. පීරිස් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ ගාලුමුව‍ෙදාර පිටියේදී මෙවර මැයි දිනයක් පවත්වයි.
මෑත කාලයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදුම් රේඛාවක් තිබුණත් එය මෙවර මැයි දිනයෙන් පසුව අනිවාර්යයෙන්ම මතුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

මේ බෙදීම ගැන 'ඉරිදා මව්බිම' සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් විමසූ විට කීවේ ශ්‍රී ලනිපය ප්‍රධාන සන්ධානයේ පක්ෂ එකමුතුවේ මැයි දිනය පැවැත්වෙන්නේ මහනුවරදී බවත්, ශ්‍රී ලනිපය ප්‍රධාන සන්ධානයේ සාමාජික පක්ෂ වෙනම මැයි රැලියක් නොපවත්වන බවත්ය.
ජී.එල්. ගේ පක්ෂය වෙනම මැයි රැලියක් පවත්වනවා. එය ශ්‍රී ලනිප ප්‍රධාන සන්ධාන රැලිය නොවෙයි. ඒ රැලියට ශ්‍රී ලනිපයේ ක්‍රියාකාරීන් හා සාමාජිකයන් සහභාගි වන්නේත් නැති අතර, ඒ අයට එවැනි රැලියකට සහභාගි වන්නත් බැරි බව අමරවීර මහතා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අභිභවා යමින් පක්‍ෂයේ කවුරුන් හෝ වෙනත් රැලිවලට සහභාගි වන්නේ නම් ඒ අය ශ්‍රී ලනිපයේ ක්‍රියාකාරීන් ලෙස නොසලකන බවත්, ඔවුන් කුමන තරාතිරමේ අය වුවත්, ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව එවැන්නන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් අමරවීර මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon