අයි.පී.එල්. තරගාවලියෙන් ස්ටීවන් ස්මිත් ඉවත් වෙයි

  👤  1343 readers have read this article !
By mawbima 2017-04-13

ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් හමුවේ ලකුණු 97කින් පරාජයට පත්වූ රයිසින් පූනේ කණ්ඩායම ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි පරාජය පසුගියදා (11දා) ලබාගත්තේය.
මෙයට පෙර ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් තරග වැදුණු රයිසින් පූනේ කණ්ඩායම තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තවත් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවුවද ස්ටීවන් ස්මිත් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමත් සමඟම මෙම පරාජය ලැබීමට රයිසින් පූනේ කණ්ඩායමට සිදුවිය.
ඒ අනුව අජින්කෙයා රහනේ නායකත්වය දැරූ රයිසින් පූනේ කණ්ඩායමට එරෙහිව ඩෙල්හි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4කට ලකුණු 205ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ රයිසින් පූනේ කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 106ක් පමණි.

එහිදී ඩෙල්හි කණ්ඩායම වෙනුවෙන් පන්දු 63කට මුහුණ දී හතරේ පහර 8ක් හා හයේ පහර 5ක් සහිතව ලකුණු 102ක් ලැබූ සංජු සැම්සන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. මෙවර අයි.පී.එල්. තරගාවලියේ ඩෙල්හි කණ්ඩායම ලබාගත් පළමු ජයග්‍රහණය මෙය වන අතර, ඔවුන් මේ වනවිට තරග දෙකකට සහභාගි වී රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හමුවේ ලකුණු 15කින් පරාජය වී ඇත.

ලකුණු සාරාංශය
ඩෙල්හි ඩෙයාඩෙවිල්ස් (පන්දුවාර 20කදී කඩුලු 4කට) 205 (සංජු සැම්සන් 102, ක්‍රිස් මොරිස් නොදැවී 38)

රයිසින් පූනේ සුපර්ජෙයින්ට් කණ්ඩායම (පන්දුවාර 16.1කදී සියලු දෙනා දැවී) 108 (අමිත් මිෂ්රා 3/11, සහීර් ඛාන් 3/20)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon