සමස්ත ලංකා පාසල් මේසපන්දු ශූරතාවලිය සිතුම්ට හා බිමන්දීට ද්විත්ව ශූරතා

  👤  1362 readers have read this article !
By mawbima 2017-04-13

කෝසල ගමගේ

පිං පොං ඇකඩමිය සංවිධානය කළ සමස්ත ලංකා පෞද්ගලික පාසල්, අර්ධ රාජ්‍ය පාසල් සහ ජාත්‍යන්තර පාසල් අතර පැවැති මේස පන්දු ශූරතාවලියේදී බෝපිටිය ලොයෝලා විද්‍යාලයේ සිතුම් නිරංග සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර ද්විත්ව ශූරතා දිනා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට පිරිනමන ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස් අභියෝගතා කුසලාන දිනා ගැනීමට සමත් විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති මෙම ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ පිරිමි කේවල අවසන් තරගයට සහභාගි වූ ලොයෝලා විදුහලේ සිතුම් නිරංග එහිදී මහනුවර ත්‍රිත්ව විදුහලේ අබ්දුල්ලා මන්සිල් තරග වට 2-0කින් පරාජය කරමින් තම පළමු ශූරතාව දිනා ගත් අතර අනතුරුව වයස අවුරුදු 18න් පහළ පිරිමි කේවල අවසන් තරගයට සුදුසුකම් ලැබූ සිතුම් නිරංග එම අවසන් තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශානක සමරසේන තරග වට 2-1ක් ලෙස පරාජය කරමින් තම දෙවන ශූරතාවටද හිමි කම් කීය.

වයස අවුරුදු 12න් පහළ කාන්තා කේවල අංශයේ අවසන් තරගයේදී කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් විදුහලේ ෆත්මාත් ධීමා තරග වට 2-1ක් ලෙස පරාජය කළ හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර වයස අවුරුදු 15න් පහළ කාන්තා කේවල අවසන් තරගයේදී ගම්පහ හොලි කේ‍රාස් විද්‍යාලයේ නෙත්මි හෙට්ටිආරච්චි තරග වට 2-0කින් පරාජය කරමින් ශූරතා දෙකක් තමන් සතු කර ගැනීමට සමත් වූවාය.

මේ අතර වයස අවුරුදු 21න් පහළ කාන්තා කේවල අවසන් තරගයේදී කොළඹ කාන්තා විද්‍යාලයේ මිනාලි සිරිවර්ධන තරග වට 2-0කින් පරාජය කිරීමට එම විද්‍යාලයේම එරිනී දේවේන්ද්‍ර සමත් වීම විශේෂත්වයක් වූ අතර එම පිරිමි කේවල ඉසව්වේදී කොළඹ ශාන්ත පීතර විදුහලේ ප්‍රදීප් ලක්මාල් තරග වට 2-0ක් ලෙස පරාජය කරමින් මහනුවර ත්‍රිත්ව විදුහලේ අන්නාන් මන්සිල් ශූරතාව හිමි කර ගත්තේය.
තවද වයස අවුරුදු 18න් පහළ කාන්තා කේවල අවසන් තරගයේදී මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ බුවනි රත්නායක තරග වට 2 - 0කින් පරාජය කළ කොළඹ මියුසියස් විදුහලේ රනුධි මුතුකුඩාරච්චි එම ශූරතාව දිනා ගත්තාය.

තරගාවලියේ සෙසු ජයග්‍රාහකයන්
වයස අවුරුදු 08න් පහළ බාලක - මුහම්මද් ඉශාන් ෆලීල් (කොළඹ වෙස්ලි විද්‍යාලය)
වයස අවුරුදු 08න් පහළ බාලිකා - මෙකල්යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විද්‍යාලය)
වයස අවුරුදු 10න් පහළ බාලක - ශයිෆුල්ලා අක්‍රම් (මහනුවර හුධා ජාත්‍යන්තර පාසල)
වයස අවුරුදු 10න් පහළ බාලිකා - ෆත්මා ධීමා (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට්)
වයස අවුරුදු 12න් පහළ බාලක _ මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon