210කට මරු කැඳවූ වෙරුගල් ඝාතනය සමරයි

  👤  1330 readers have read this article !
By mawbima 2017-04-13

මඩකළපුව - ජේ.ඛාන්

වෙරුගල් ඝාතනයේ 13 වන සැමරුම ඊයේ සවස වෙරුගල් මලෙයිපූංගා නමැති ස්ථානයේ දෙමළ ජනතා කොටි සංවිධාන (ටී.එම්.වී.පී.) පක්‍ෂය විසින් ගිනි පන්දම් දල්වා ආරම්භ කරන ලදී. ටී.එම්.වී.පී. පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි එම්. තිරවියම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලේදී පක්‍ෂයේ මහ ලේකම් පී. ප්‍රසාන්තන් මහතා කාන්තා අංශයේ නායිකා සෙල්වි මනෝහරන් මිය ඇතුළු පිරිසක් එක් වී සිටියහ. මරණයට පත් වූවන් වෙනුවෙන් නිහඬතාවක් පවත්වා පහන් දැල්වීමක් ද සිදුකරන ලදී. 2004.04.10 උතුරු පළාතින් පැමිණි කොටින් හා නැඟෙනහිර කොටින්ගෙන් වෙන් වූ කොටින් අතර වෙරුගල්හි සිදුවූ ගැටුමින් 210 දෙනෙක් මරණයට පත් වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon