අවුරුදු සමයේ හෙද - හෙදියන්ට ලොකු වැටුපක් ලැබෙනවා වැඩි කළ වැටුපට සමානව අතිකාල දීමනා

  👤  1433 readers have read this article !
By mawbima 2017-04-13

දයා පෙරේරා

වැඩි කළ වැටුපට සමානව 2016 ජනවාරි 01 වැනිදා සිට අතිකාල දීමනා ගෙවීමට තීරණය කළ නිසා හෙද හෙදියන්ට අවුරුදු සමයේ ලොකු වැටුපක් ලැබෙන බවත් එම අතිකාල සඳහා රුපියල් බිලියන 5.5ක් වැය වන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.
හෙද සේවාවට වැඩිකළ වැටුපට අනුමත අතිකාල ලබාදීම ගැන පසුගිය දින දෙකක් රාත්‍රියේ මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සාකච්ඡා කළේ යැයි ඇමැතිවරයා කීය.

මේ තීරණයට ඇතැම් අය විරුද්ධ වෙන්න පුළුවන්. ඔවුන් ළිං මැඩියෝ වගෙයි. අප රටේ දේශපාලනඥයොත් එහෙම ඉන්නවා. එම ළිං මැඩි දේශපාලනය තුරන් කිරීමට තමයි ජනවාරි 8 වැනිදා විප්ලවය අප සිදු කළේ. මමත් වෘත්තීය සමිති නායකයෙක්. වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලීම් සාධාරණ විදියට ලබාදෙන්න මා පොරොන්දු වෙනවා' යැයිද ඇමැතිවරයා හෙද හෙදියන් 1,300කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉකුත් දා කීවේය.
මෙරටට අවශ්‍ය හෙද හෙදියන් සංඛ්‍යාව 37,875ක්. නමුත් සිටින්නේ 31,354ක් පමණි. ඒ අනුව 6,521ක හිඟයක් පවතී. රට පුරා හෙද විදුහල්හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 6,817ක් පුහුණුව ලබති. හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 50,000 දක්වා වැඩි කිරීමට ඇමැතිවරයාගේ අවධානය යොමු වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon