පාලම්වල හොඳ නරක බලන්න ‘ජයිකා’ වෙතින් නව රථයක්

  👤  1433 readers have read this article !
By mawbima 2017-04-13

උපතිස්ස පෙරේරා

උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පාලම් කළමනාකරණ හා සමීක්ෂණ ව්‍යාපෘතියේ සේවාවන් සඳහා පාලම් තත්ත්ව පරීක්ෂණ නව රථයක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) මඟින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
රුපියල් ලක්ෂ 860ක් වටිනා මෙම සමීක්ෂණ රථය ජයිකා නිලධාරීන් විසින් විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට බත්තරමුල්ල කොස්වත්ත, මඟ නැඟුම මහමැඳුර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා නිල වශයෙන් භාර දෙනු ලැබීය. දිගින් මීටර් 6.75ක් වන මෙම ඕධ්ඍ රථය මඟින් ජල මාර්ග හරහා ඉදිකර ඇති දිග පාලම්වල සහ අධිවේගී මාර්ගවල ස්ථාපිත කර ඇති පාලම් ඇතුළු සියලුම පාලම්වල තත්ත්ව නිරීක්ෂණ කටයුතු කාර්යක්ෂමව සිදුකර ගැනීමට සියලු තාක්ෂණික පහසුකම් සලසා තිබේ.

මෙම අවස්ථාවට එම ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෆුසාටෝ තනාකා, එහි කණ්ඩායම් නායක ටකා යුරා, අමාත්‍යාංශ අතිරේක ලේකම් පී. විජේරත්න, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.ඩී.කේ. බණ්ඩාර යන මහත්වරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon