දෙරටේ ඓතිහාසික සබඳතා ශක්තිමත් කරගනිමු

  👤  1349 readers have read this article !
By mawbima 2017-04-13

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති ඓතිහාසික සබඳතා පදනම් කරගනිමින් අනාගතයේ වඩාත් සමීපව කටයුතු කිරීම සඳහා සැලසුම් කර ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා උපරිම සහාය ලබා දීම තම අරමුණ බවත් ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වතරු තකෙෂිතා (ර්ප, ඹචබචපභ ඊචඬඥඵඩඪබච) මහතා පැවැසීය.

ජපානයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස වෙත ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ තකෙෂිතා මහතා වැඩිදුරටත් සඳහන් කෙළේ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතරද සබඳතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා තම සංගමය සෑම විටම කැපවන බවය.

තෝකියෝ නුවර ඔකුරා හෝටලයේ පැවැති දිවා භෝජන සංග්‍රහයට පෙරාතුව දෙරටේ නියෝජිතයෝ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.
ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මහලේකම් යුකෝ ඔබුචි (ර්පඵ. කභඬධ ර්ණීඡභජඩඪ) මහත්මිය ඇතුළු සංගමයේ ප්‍රධාන නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූ අතර ඔවුහු සියලු දෙනාම ශ්‍රී ලංකාව වෙත උපරිම සහාය ලබා දීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළහ.
මේ වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70ක් සම්පූර්ණ වන නිසා ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ පවත්වන මේ සාකච්ඡාව විශේෂ වැදගත්කමක් උසුලන බව පැවැසූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුකෝ ඔබුචි මහත්මියගේ පියාණන් වූ හිටපු අග්‍රාමාත්‍ය ඔබුචි මහතාගේ යුගයේ සිටම ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් අනුග්‍රහය අතිශයින් අගය කෙළේය.

නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන මෙන් වික්‍රමසිංහ මහතා ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට ආරාධනාවක්ද පිරිනැමීය.
විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රී ලංකා - ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (ඩ්ඡ්. ර්ප. ම්ඥදඪජඩඪ ඉභඨචදභථච) අග්‍රාමාත්‍ය ජේ‍යෂ්ඨ උපදේශක මහචාර්ය මොන්ටි කසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා සහ දර්ශන මුනිදාස යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon