ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණයට ජපානය සූදානම්

  👤  1359 readers have read this article !
By mawbima 2017-04-13

පරිසර සංරක්ෂණය සහ ජාතික සංහිඳියාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරලීමට ජපානය සූදානම් බව ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය හිරොෂිගෙ සෙකො (ඩ්ධද ඩ්ඪපධඵඩඪඨඥ ඉඥඬධ) මහතා පැවැසීය.
පෙරේදා (11දා) සන්ධ්‍යාවේ තෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින්, හිරොෂිගෙ සෙකො මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය හේතුවෙන් දෙරට අතර සම්බන්ධතාවන් වඩාත් ඉහළ තලයක් දක්වා එසැවෙන බවය.

කොළඹ උතුර වරාය සංවර්ධනය, ත්‍රිකුණාමලය නගර නිර්මාණය, බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙහි දෙවැනි ධාවන පථය, ස්වාභාවික ද්‍රව වායු බලාගාරය, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ආදී ව්‍යාපෘතීන් සඳහා ජපානයෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (ඩ්ඡ්. ර්ඥ. ම්ඥදඪජඩඪ ඉභඨචදභථච) අග්‍රාමාත්‍ය ජේ‍යෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ට් කාසිම්, අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයීය පළමු ලේකම් නඳුනි හසින්තා, දෙවැනි ලේකම් උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon