බස් දෙකක් රේස් ගිහින් එකිනෙක හප්පාගෙන දෙකටම බර හානි

  👤  1445 readers have read this article !
By mawbima 2017-04-13

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හා නාවලපිටිය සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී ඊයේ දහවල් අනතුරට පත්ව තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථය පිටුපසින් පැමිණි ලංගම බස් රථය පෞද්ගලික බස් රථය ඉස්සර කර ගොස් ප්‍රධාන මාර්ගයේ නතර කිරීමත් සමඟ පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරි පසින් වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව හැටන් පොලිසිය පවසයි.
අනතුරෙන් බස් රථ දෙකෙහිම ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති අතර බස් රථ දෙකහිම රියැදුරන් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරෙන් බස් රථ දෙකටද දැඩි අලාභහානි සිදු වී තිබේ. බස් රථ දෙකහිම ගමන් ගත් මගීන් ලංගම බස් රථ රියැදුරාට පහර දීමත් සමඟම ලංගම බස් රථ රියැදුරා හැටන් ඩිපෝවට දිව ගොස් තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon