අධිවේගයේ යන්න මුදල් සූදානම් කරගෙන එන්න

  👤  1517 readers have read this article !
By mawbima 2017-04-13

ආරියරත්න ගනේගොඩ

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන්නේ නම් අදාළ ටිකට්පත්වලට ගෙවීම් කිරීමට පෙර කලින්ම ඒ සඳහා ගෙවිය යුතු වන මුදල් සූදානම් කරගෙන පැමිණෙන ලෙස නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලීමක් කරයි.

අලුත් අවුරුද්ද එළැඹීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉකුත් 8දා සිට මේ වන විට වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ධාවනය වී ඇති බවද කියති. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සාමාන්‍යයෙන් දෛනිකව වාහන 48,000ක්ද කොළඹ කටුනායක මාර්ගයේ වාහන 25,000ක්ද ධාවනය වන බව නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
මෙහිදී පැයට කිලෝමීටර් 100 ඉක්මවා ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 මුළුල්ලේම පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon