ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රැස්වීම්

  👤  3525 readers have read this article !
By mawbima 2017-03-21

සිදත් මෙන්ඩිස්

පළමු වරට මැතිවරණ කොට්ඨාස 147 ආවරණය වන පරිදි අප්‍රේල් මස 1 සහ 2 යන දෙදින තුළ රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරයි.

ක්‍රියාකාරී සාමාජිකයන් දැනුවත් කිරීමේ මේ රැස්වීම් මාලාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

ඉන් අනතුරුව 2 සිට 9 වැනිදා දක්වා කාලය තුළ ශාඛා සමිති 14,000ක් පිහිටුවීම සහ පක්ෂ සාමාජිකයන් 20 ලක්ෂයක් සඳහා සාමාජික කාඩ්පත් ලබාදීමට නියමිත බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon