28 හැවිරිදි එක් දරු පියාට 'ඕ' පොසිටිව් වකුගඩුවක් පරිත්‍යාගකර පිහිටවන්න

  👤  3568 readers have read this article !
By mawbima 2017-03-21

බෙන්තොට-ඇම්. මීගහපළ

අහුන්ගල්ල, පතිරාජගම, අංක 17 ලිපිනයේ පදිංචි වීරපුර තරංග ප්‍රනාන්දු මහතා දැනට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඔහුට ඉක්මනින් ශල්‍යකර්මයක් මඟින් වකුගඩු බද්ධ කළ යුතු බවත්, ගාල්ල, කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර ඇත. අංක 881184842ඍ දරන ජාතික හැඳුනුම්පත හිමි විසි අට හැවිරිදි එක්දරු පියකු වන ඔහුට බද්ධ කළ යුතුව ඇත්තේ 'ඕ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බවද එම වෛද්‍ය නිර්දේශයේ වැඩිදුරටත් සඳහන් වේ.

එතෙක් දැනට සතියකට දින දෙකක් කරාපිටිය රෝහලෙන් ඔහුගේ රුධිරය පිරිසුදු කිරීම සිදු කෙරෙන අතර, මේ තත්ත්වය යටතේ ඔහුට රැකියාවක යෙදීමටද නොහැකි වී ඇත. මේ කටයුතු සඳහාද විශාල මුදලක් වැය වන අතර වෙනත් කිසිදු ආදායම් මඟක්ද නැති නිසා ඔහු දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා ඇතැයිද පවසයි. ඔහුට ගැළපෙන වකුගඩුවක් ලබාගැනීමටත්, ප්‍රතිකාර කටයුතුවලට මෙන්ම දරු පවුල නඩත්තු කිරීමටත්, පිනට දායක වීමට කැමැති පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඔහු කාරුණිකව ඉල්ලා සිටී.

මේ සඳහා 0775449365 හෝ 0768483005 යන දුරකතන අංකයකට කතාකොට වැඩි විස්තර දැනගැනීමට හැකි අතර, අහුන්ගල්ල, ලංකා බැංකු ශාඛාවේ 8861827 දරන ගිණුම හරහා ආධාරයක් කොට මෙම මහඟු පුණ්‍යකර්මයට දායක වන්නැයි තරංග ප්‍රනාන්දු මහතා මෙන්ම ඔහුගේ බිරිය වන එස්. නදීශානි මහත්මිය කාරුණික ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon