යුද්ධයෙන් දිවි අහිමි වූ අය සිහි කරන්න පොදු දිනයක් ඉල්ලයි

  👤  3531 readers have read this article !
By mawbima 2017-03-21

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

යුද්ධය නිසා දිවි අහිමි වූ ජනතාව සිහි කිරීම සඳහා උතුරු පළාතේ ඕමන්ත ප්‍රදේශයේ අනුස්මරණ ස්මාරකයක් තනා ජාති ආගම් භාෂා බේදයෙන් තොරව එම ජනතාව සිහි කිරීම පිණිස පොදු දිනයක් වෙන් කරන ලෙස යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා (ඊපීඩීපී) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

සියලු ජාති, ආගම් හා භාෂා කතා කරන ජනතාව බේදයකින් තොරව එම අනුස්මරණ දිනයේදී සැමරීමට රජය පියවර ගතයුතු බවටද මන්ත්‍රිවරයා යෝජනා කර තිබේ.
දශක ගණනාවක් උතුරු පළාතේ පැවැති යුදමය වාතාවරණය තුරන් වී ජනතාව දැන් සාමකාමී ජීවන රටාවකට අවතීර්ණ වී සිටින බවත් මන්ත්‍රිවරයා සිය යෝජනාවෙහි දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon