අණ නොතකා පලාගිය මාල හොරුන්ට හලාවත පොලිසිය වෙඩි තබයි

  👤  3544 readers have read this article !
By mawbima 2017-03-21

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්, වී හේන - අනුරාධ

ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් මාල හොරුන් දෙදෙනකු සම්බන්ධ

විමර්ශන කටයුතු ආරම්භ කළ අවස්ථාවේ හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඊයේ (20දා) දහවල් හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කළ පසු මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක හලාවත කොරයා වත්තේ විසූ එදිරිසිංහ ආරච්චිගේ තේමිය මෙන්ඩිස් (55) මහතායි. ඔහු හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වන අතර එක් දරු පියකුද වේ.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ මාල කැඩීම සිදු කර පලා යමින් සිටි යතුරුපැදිකරුවන් දෙදෙනාට අතරමඟදී හලාවත පොලිසියේ රථවාහන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් ලුහුබැඳ ගොස් වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා සිය පපුව අල්ලාගෙන පොලිස් ස්ථානය තුළ වැටී සිහිසුන්ව ඇත.
පසුව හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගොස් තිබිණි. හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon