බැසිල්ගේ මල්වානේ ඉඩම වෙන්දේසිය අත්හිටුවයි

  👤  3548 readers have read this article !
By mawbima 2017-03-21

මිනුවන්ගොඩ - අතුකෝරල

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවැසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහිත දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙසට පූගොඩ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය ඊයේ (20දා) නියෝග කළාය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී. රණසිංහ, සැරයන් ගුණසේකර යන නිලධාරීන් මේ නඩුව කැඳවන ලෙසට මෝසමක් මඟින් ඊයේ (20දා) පූගොඩ අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව එකී දේපළ තක්සේරු කර ඇති අතර එම ඉඩම සහ දේපළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

ඒ අනුව එම ඉඩම සහ දේපළ ප්‍රසිද්ධියේ විකිණීම තාවකාලිකව අත්හිටුවූ මහෙස්ත්‍රාත්වරිය ඉඩම සහ දේපළ සම්බන්ධව ගන්නා තීන්දුව ලබන 23 වැනිදාට ප්‍රකාශයට පත්කිරීමට තීන්දු කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon