ටොරෙන්ටෝ නගරාධිපති මුල්ලියාවේලි වෙරළේදී යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සමරයි

  👤  3539 readers have read this article !
By mawbima 2017-03-21

වවුනියාව - මාධව කුලසූරිය

දිවයිනේ සංචාරයකට එක්ව සිටින කැනඩාවේ ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ඩොරි මහතා යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් මුලතිව්, මුල්ලියාවේලි වෙරළ තීරයේදී පහන් දල්වා ගුණ සැමරුමක් සිදුකරනු ලැබීය. යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකොට මල් වඩම් තැන්පත්කොට පහන් දල්වා සැමරුම් වැඩසටහන පවත්වනු ලැබීය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාද සැමරුම් වැඩසටහන වෙනුවෙන් එක්ව සිටියේය. වැඩසටහනට එක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.

විග්නේශ්වරන් මහතා පැවැසුවේ යුද සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සවිධානය මැදිහත් වී පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. වැඩසටහන් අවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. ඓගරනේෂන් මහතා, කැනඩා රාජ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon