වෙන්දේසිය දවසේ ලංසුවට දුන් පොලිය 5% සිට 6.5% ට වැඩි කළා- මූල්‍ය මණ්ඩලයේ ලේකම්

  👤  3601 readers have read this article !
By mawbima 2017-03-21

ස්ටැන්ලි සමරසිංහ

2015 පෙබරවාරි 27ට පෙර බැඳුම්කර සඳහා ලංසු තබන අයට දුන්නේ 5% පොලියකි. එහෙත් වෙන්දේසිය පවතින දිනයේ එය 6.5% දක්වා වැඩි කොට එම වෙන්දේසියෙන් පසු යළිත් 5% දක්වා අඩු කළ බව බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ අනාවරණය විය.

මෙය අනාවරණය වූයේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් එච්. කේ. කරුණාරත්න මහතාගේ සාක්ෂියෙනි.

ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුවන් වන කේ. ටී. චිත්‍රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය ගණකාධිපති වී. කන්දසාමි මහත්වරුන්ගෙන් බැඳුම්කර කොමිසම සමන්විත වේ. කොමිසමේ වැඩිදුරටත් රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ සහිඩාබාරි මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්ෂි දුන් කරුණාරත්න මහතා මෙසේද කීය.

මූල්‍ය මණ්ඩලයට අමතරව මා වෙළෙඳපොළ ක්‍රියාකාරී කොමිටියේද සාමාජිකයෙකි. එම කමිටුවේ කාර්ය වන්නේ දිනපතා රැස් වී පවතින තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමයි. බැංකුවේ දිනපතා රාජකාරි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පහසු කිරීම මෙම කොමිටියට පැවැරී තිබෙනවා. 2015 සැප්තැම්බර් 15 වැනිදා මෙම කොමිටිය රැස්වුණා.

මෙම කොමිටියේ ලේකම් රුවන් ගුණසේකර

"වෙළෙඳපොළේ ජාත්‍යන්තර සහ දේශීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එදින එම කොමිටිය රැස් වුණා. එම රැස්වීමට බැංකු පතිවරයා සහභාගි වන්නේ නෑ. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම රැස්වීමට පැමිණ එහි සිදු කරන්නේ මොනවාදැයි මහේන්ද්‍රන් මහතා නියෝජ්‍ය බැංකුපතිගෙන් විමසුවා. ඔහු ඒ පිළිබඳව විස්තර කිරීමෙන් පසු එම රැස්වීමට සහභාගි වූ රුද්‍රිගු මහතාට මහේන්ද්‍රන් මහතා පැවැසුවේ මෙම කොමිටියෙන් කළ යුත්තේ වෙන්දේසිවලදී ලංසු තබන විට ඒ සඳහා දෙන පොලිය වැඩිකළ යුතු බවයි.

බැංකුපතිගේ උපදෙස්වලින් පසු ඔහු යන්න ගියා. 5% පොලී අනුපාතය 6.5% දක්වා වැඩි කළා."

ප්‍රසන්න විනිසුරු - මහේන්ද්‍රන් මහතා බැංකුවේ සෑම අංශයකටම යන පුරුද්දක් තිබුණාද?

සාක්ෂිකරු - නෑ

සභාපති විනිසුරු - ඔබේ කාර්යාලයට ඇවිත් තිබෙනවාද?

සාක්ෂිකරු - නෑ

2015 පෙබරවාරි 27දා කාර්ය සටහන් වාර්තාව ඇතුළත් ලේඛනයේ සඳහන් වන්නේ 2014 චක්‍රලේඛයට ඇතුළත් කරුණුමය. 2015 මාර්තු 2දා සිට එම චක්‍රලේඛය නිකුත් කිරීමට හේතුව මට කිව නොහැකිය. එම චක්‍රලේඛය යවා ඇත්තේ සියලුම බැංකුවලටයි. එය සවස 4.27ට පමණ යැවූ බව සඳහන් කරන්න පුළුවන්.

පොලී අනුපාතය 6.5%ක් බව එහි සඳහන් වෙනවා. වෙළෙඳපොළ කාර්ය කමිටුවේ ලේකම් ලෙස ක්‍රියා කරන්නේ බැංකුවේ විදේශ ආර්ථික ලේකම්වරයාය.

පෙබරවාරි 27දා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගත්තා. එයින් අදහස් වන්නේ වෙළෙඳපොළෙන් මුදල් එකතු කර ගැනීමයි. මේ වන විට මූල්‍ය වෙළෙඳපොළේ රුපියල් බිලියන 65ක් පමණ තිබිණි.

පෙබරවාරි 27දා වෙළෙඳපොළ ක්‍රියාකාරී කොමිටිය වෙත බැංකුපති පැමිණියේ උදේ 10ට පමණය. වෙන්දේසිය ක්‍රියාත්මක වන්නේ උදේ 8 සිට 11 දක්වා කාලය තුළ පොලී අනුපාතය වැඩිවන බව දැන මිලට ගනු ලබන බැඳුම්කරයේ වටිනාකම අඩු වෙනවා.

2015 පෙබරවාරි මස 27දා දින ගනු ලැබූ තීරණ මාර්තු 6දා මූල්‍ය මණ්ඩලය 5%ක් වූ පොලී අනුපාතය වෙනස් කළ යුතු බව සඳහන් කළද දේශීය ණය ඒකකය එය සියයට 6.5%ක් දක්වා වැඩි කළ යුතු බව සඳහන් කළා. පොලී අනුපාතය පිළිබඳව තීරණ ගැනීමේදී ආර්ථික වශයෙන් බලපාන බොහෝ කරුණු තිබෙනවා. උද්ධමනය සහ බඩු මිල වැඩි වීමට එය හේතු වීම ගැන සිතා බැලිය යුතුය.

2015 පෙබරවාරි 27දා සිට අප්‍රේල් 11 දක්වා කාලය තුළ පොලී අනුපාතය වෙනස් වූ දිනයේ යළිත් 5%ක් දක්වා අඩු කළ බව සඳහන් වෙනවා. එදින මූල්‍ය මණ්ඩලයේ රැස්වීමට අර්ජුන් මහේන්ද්‍රන් සහභාගි වී නෑ.

ප්‍රසන්න විනිසුරු - 2015 මාර්තු මස 16දා අර්ථසාධක අරමුදල රු. බිලියන 15ක බැඳුම්කර මිලට ගෙන තිබෙනවා. එතරම් ප්‍රමාණයක් එක දිනකට ගත හැකිද?
සාක්ෂිකරු - පුළුවන්.

2015 ජනවාරි සිට ජුනි දක්වා බැඳුම්කර සඳහා සෘජුව ලංසු තැබීමට අවසර දිය යුතු බව රාජ්‍ය ණය ඒකකයෙන් යෝජනා කෙරුණා. එය පිළිගත් මූල්‍ය මණ්ඩලය එය අනුමත කළා.

පොලී අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යෑමට හේතුවන බව මූල්‍ය මණ්ඩලය පිළිගත්තා. ඒ අනුව මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් මහ බැංකුපති අර්ජුන් මහේන්ද්‍රන්, රාමනාදන් මහත්මිය සහ ජයතිස්ස එකඟ වූ බව ඊට අදාළ වාර්තාවේ සඳහන් වෙනවා.

කොමිසම යළිත් අද උදේ 10ට රැස්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon