බැඳුම්කර වංචාවේ පාඩුව වහගන්න ආණ්ඩුව රජයේ දේපළ විකුණන්න හදනවා

  👤  3553 readers have read this article !
By mawbima 2017-03-21

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ගසා කෑ මුදල් පියවා ගන්න රජය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත්, ලිට්රෝ ගෑස් සමාගම හා ලංකා හොස්පිට්ල් ආයතනය කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

එහි කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ රජයට අවධාරණය කළේ බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගන්න රාජ්‍ය දේපළ විකිණීමේ කූට මෙහෙයුම වහාම නවතා දැන් හෝ බැඳුම්කර වංචාවට අයත් දූෂිතයන්ට දඬුවම් ලබා දී එහි අලාභය පියවා ගැනීමට කටයුතු කරන ලෙසයි.

බැඳුම්කර වංචාව හරහා සේවක අර්ථසාධක අරමුදලට පාඩු කළ රුපියල් කෝටි 1500 මුදල් සුදු සල්ලි කරමින් දැවැන්ත ව්‍යාපෘතිවල යොදවන අර්ජුන් මහේන්ද්‍රන් පවුල විශේෂයෙන්ම මේ වන විට එක්තරා රූපවාහිනි නාළිකාවකට ණය මුදලක් ලබා දෙන මුවාවෙන් රුපියල් මිලියන 500ක් ලබා දී එම නාළිකාව මිලදී ගැනීමත්, තවත් මාධ්‍ය ආයතන වක්‍රාකාරයෙන් මිලදී ගැනීමට තැත් කිරීමත්, නිලාවේලි ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවද සමරසිංහ මහතා හෙළි කරයි.

ඔහු චෝදනා කරන්නේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ අලාභය පියවන්න යැයි කියමින් මුල් අවස්ථාවේ කෝප් වාර්තාව එනතුරුත්, ඉන්පසු අගමැති කොමිසම එනතුරුත් මේ වන විට බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනපති විමර්ශන කොමිසම ක්‍රියාත්මක වනතුරුත් කල් මරන ආණ්ඩුව තවමත් වංචාව යට ගැසීමේ කුමන්ත්‍රණය නවත්වා නැති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon