පයේ ආබාධයකින් යාගන්න බැරිව වැවේ වැතිරිලා...

  👤  3555 readers have read this article !
By mawbima 2017-03-21

පුත්තලම - තීක්ෂණ ජයසුන්දර

පාදයක් බරපතළ ලෙස ආබාධයකට ලක්ව ඇවිද ගැනීමට නොහැකිව ඇතකු කොට්ටුකච්චිය කච්චිමඩුව ආඩියාකලවල වැවේ වැටී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
මෙම ඇතා මාසයකට පෙර පුත්තලම මදුරගම ප්‍රදේශයේදී පාදයක ආබාධයකට ලක්ව සිටියදී වනජීවී පශු වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම පළමු ප්‍රතිකාර අරඹා තිබූ අතර නැවත කොට්ටුකච්චිය, ගල්කුලම ප්‍රදේශයේදීද ප්‍රතිකාර ලබාදී තිබූ බව කියයි.

පාදය ආබාධිතව සිටි මෙම වයස අවුරුදු 30කට ආසන්න ඇතා පසුගිය සති කීපයට පුරා ප්‍රදේශ ගණනාවක සැරිසරමින් සිටි අතර 19දා සවස මෙම ආඩියාකුලම වැවේ වැටී සිටින බවට වන ජීවී නිලධාරීන්ව ජනතාව දැනුවත් කර තිබිණි. 19දා දින රාත්‍රිය පුරාම ඇතාගේ ආරක්ෂාවට පුත්තලම දිස්ත්‍රික් වනජීවී පාලන ඒකකයේ නිලධාරීන් නිදි වරමින් සිට ඇති අතර ඇතාට ප්‍රතිකාර 20දා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා පැවැසීය. ජලය නොමැති සිඳී ගිය වැවේ වැටී සිටින ඇතාගේ ශරීරයට ජලය ඉසිමින් ශරීර තත්ත්වය යහපත්ව තබා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කරමින් සිටින බව දැකගත හැකි විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon