මෛත්‍රි හෙට රුසියාවට යයි

  👤  3543 readers have read this article !
By mawbima 2017-03-21

තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ලබන 24 වැනිදා තෙක් එහි රැඳී සිටීමට නියමිතය. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය මින් වසර 33කට පෙර නිරත වූ රුසියා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ සංචාරයක නිරත වන පළමු වතාව මෙය වෙයි. ජනාධිපතිතුමාගේ තෙදින නිල සංචාරය අතරතුර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක ක්‍ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකටද අස්සන් තැබීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon