මෛත්‍රිට - රනිල්ට අධිකරණයෙන් කැඳවීමක්

  👤  3535 readers have read this article !
By mawbima 2017-03-21

කූට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලබන ජූලි මස 17 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (20දා) නියෝග කළේය.

අදාළ නඩුවේ පැමිණිලිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඊයේ දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එසේ සිතාසි නිකුත් කෙරිණි.

රාජකාරි බහුල බැවින් තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සිය නීතිඥවරුන් මඟින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ නඩුව ලබන ජූලි මස 17 දින සිට 28 දින දක්වා දිනපතා විභාගයට ගැනීමටද අධිකරණයෙන් නියම විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon