මවයි උපන් හැටියෙ බිලිඳයි කින්නියාවේ ඩෙංගු මාරයාට බිලි

  👤  3564 readers have read this article !
By mawbima 2017-03-21

ත්‍රිකුණාමලය _ ලක්මාල් කේ. බදුගේ, කන්තලේ _ ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ

ත්‍රිකුණාමලය මහ රෝහලේදී ඊයේ (20දා) දරුවකු ප්‍රසූත කළ ඩෙංගු රෝගයට ගොදුරු වූ 40 හැවිරිදි කින්නියාවේ පදිංචි මවක් දරුවාද සමඟින් මරු වැලඳ ගත් බව කින්නියා පොලිසිය සඳහන් කර සිටී. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කින්නියා පයිසර් නගර්හි කාන්තාවකි.

මේ වනවිට ඩෙංගුවලට ගොදුරු වීමෙන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 2000කට ඉතාම ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී සිටිති.

ඊයේ (20දා) උදෑසන 10 වන විට ඩෙංගු උණට ගොදුරු වී කින්නියා මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයට පුද්ගලයන් දෙදෙනකු ඇතුළත් කර ඇත.

පිරිමි පුද්ගලයන් 43ක්, ගැහැනු 38ක් හා ළමයින් දෙදෙනකු මේ අතර වන බවද පොලිසිය සඳහන් කර සිටී.

කන්තලේ, මුතූර්, ත්‍රිකුණාමලය හා මඩකළපුව ප්‍රදේශයෙන් පැමිණි 500කට ආසන්න පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඊයේ (20දා) වසා දමා තිබී නැවත ආරම්භ කළ පාසල් වෙත ගොස් පාසල් හා අවට පරිසරය මුළුමනින්ම සුද්ද පවිත්‍ර කිරීමටත් දරු දැරියන් දැනුවත් කිරීමටත් මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරනු දක්නට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon