නාරගල පාලම අසලින් නාඳුනන මළ සිරුරක් මතුවෙයි

  👤  3529 readers have read this article !
By mawbima 2017-03-21

බේරුවල - ඩී. කේ. ගුණසේන

බුලත්සිංහල නාරගල පාලම අසල දියේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් බුලත්සිංහල පොලිසිය විසින් සොයා ගෙන ඇත.

පොලිසිය සැක කරන්නේ මෙය මීට දින කිහිපයකට පෙර මිය ගිය අයකුගේ මළ සිරුරක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20දා) දහවල් බුලත්සිංහල පොලිසිය විසින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලද අතර සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon