ජනවාරි 8 න්‍යාය පත්‍රයට පිටුපෑවොත් බිහිවන්නේ සර්වාධිපති පාලකයන්

  👤  3555 readers have read this article !
By mawbima 2017-03-21

ජනවාරි 8 න්‍යාය පත්‍රයට පිටුපෑවොත් සර්වාධිපති පාලකයන් බිහිවෙනවා යැයි වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මරදාන සී.එස්. ආර්.හිදී පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේය. පුරවැසි සංවිධාන එකමුතුව විසින් එම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමීර පෙරේරා මහතා මෙසේද පැවැසීය.

වියත් මඟ සංවිධානයේ සිටින හිටපු අගවිනිසුරුවරයා තමන් සිටින තැනවත් දන්නෙ නැහැ. තවත් භික්ෂුන් වහන්සේ නමක් 83 කළු ජූලියට සම්බන්ධ අයෙක්. හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් සුදුසුකම් නැතිව මහ බැංකු අධිපතිකමට පත්වුණු කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාකලාපය විවේචනය කළ දයාන් ජයතිලක දැන් වියත් මඟ සංවිධානයට ඇවිත් ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටිනවා.

වත්මන් පාර්ලිමේන්තුවේ යුද අපරාධකරුවන් ඉන්න බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. ඔවුන් කවුදැයි හෙළි කරන ලෙස අපි ඔහුගෙන් ඉල්ලනවා. යුද අපරාධ වූ බව පිළිගැනීමක් ඔහුගේ ප්‍රකාශයේත් කියැවෙනවා.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැතිවරණ වැදගත් වුවත් මැතිවරණ පැවැත්වීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. කඩිමුඩියේ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය බලකරන්නේ කොන්ත්‍රාත්කරුවන් යළි බලයට ගෙන ඒමේ අදහසින් පමණයි.

එක එක රෝග ගැන කියමින් සුඛෝපභෝගී වාහන ඇමැතිවරු ඉල්ලනවා. මේ රථගාය සුව කිරීමට ඔවුන් පාර්ලිමේන්තු වෙනුවට රෝහල්ගත කළ යුතුයි. කොන්දෙ අමාරුවට කෝටි ගණන් වාහන පාවිච්චි කරන්න ඉල්ලන රටක් අපි දැකලා නැහැ.

ඒ.එස්.පී. ලියනගේට තානාපති ධුරයක් දී තිබෙනවා. ඔහුට තිබෙන සුදුසුකම කුමක්ද? එවැනි තනතුරක් දැරීමට. පසුගිය කාලයේ ඥාතීන්ට හිතවතුන්ට තානාපති ධුර ලැබුණා. විදේශ සේවය ඒ නිසා විනාශ වුණා. මේ ආණ්ඩුවත් ඒකම කරමින් සිටිනවා.

ගූගල් බැලූන් ව්‍යාපෘතිය අසාර්ථක වෙලා. ඒ පිළිබඳ ජනතාවට හෙළිදරව් කළ යුතුයි. මේ ව්‍යාපෘති නිසා විශාල මුදලක් විනාශ වෙනවා.

ජනවාරි 8 න්‍යාය පත්‍රයට පිටුපානවා නම් ඒකෙන් සර්වාධිපති පාලකයන් බිහි වෙනවා. ඒ නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා

පසුගිය ආණ්ඩු කාලයේ පැහැරගැනීමේ ඝාතන ඇතුළු යුක්තිය අහිමි කිරීමේ සම්බන්ධ සිදුවීම්. රැසක් සිදු වුණා. ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතුයි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon