අනියම් සැමියා පහරදී මෙන් එක්දරු මවගේ කන පැලේ

  👤  3599 readers have read this article !
By mawbima 2017-03-21

දමුණුපොල - චමින්ද ජයලත්

අනියම් සැමියාගේ පහරදීමකින් වම් කනට (කන් බෙරය) හානි වූ කාන්තාවක් ඊයේ (20දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි. මෙලෙස රෝහලට ඇතුළත් වී ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක් දරු මවකි.

කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන එම කාන්තාව වයස අවුරුදු 16දී රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ විවාහ වී ඇති අතර දැනට වයස අවුරුදු 20ක පිරිමි දරුවකු ද සිටියි. මෙම කාන්තාව මීට වසර 10කට පමණ ඉහතදී විවාහක සැමියා හා පිරිමි දරුවා අතහැර රඹුක්කන ප්‍රදේශයේම මෙකී අනියම් පුද්ගලයා සමඟ ගොස් ඔහු සමඟ ජීවත් වෙමින් සිටින බව පොලිසිය කියයි.

අනියම් සැමියා මෙම කාන්තාවට වසර දෙක තුනක සිට මෙසේ පහර දෙන බවත් එම පහරදීම සම්බන්ධයෙන් 20 හැවිරිදි පුතා මීට මාස කීපයකට ඉහතදී අනියම් සැමියාගේ අතකට යකඩ පොල්ලකින් පහරදී කඩා දමා ඇති බවත් පොලිසිය කියයි. ඉකුත් 18දා ද එසේ දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව මෙම පහරදීම සිදුව ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දීමෙන් කියා ඇත්තේ වැඩිදුර විමර්ශන අනවශ්‍ය බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්