දැව හොරකමට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

  👤  3518 readers have read this article !
By mawbima 2017-03-21

චාමර අමරසූරිය

වාන්කුලම් පොලිස් භූමියේ ගොඩගසා තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා පළු දැව තොගයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව මාන්කුලම් මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ජේ‍යෂ්්ඨ පොලිස් නිලධාරියකු "මව්බිම"ට පැවැසීය.

මෙම සොරකමට අදාළව මාන්කුලම් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ දැව කොටස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ රියැදුරකු ඉකුත් 18දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

එම විමර්ශනය අනුව පොලිසියේ කටයුතු භාරව සිටින ස්ථානාධිපතිවරයා දැව සොරකම පිළිබඳව නොදැන සිටීම සම්බන්ධයෙන්ද සොයා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මේ වනවිටත් මාන්කුලම් මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මෙම සොරකමට පොලිසියේ තවත් පොලිස් නිලධාරීන් සම්බන්ධද යන්න සොයා බලන ලෙසටද පොලිස්පතිවරයා නිලධාරීන්ට නියෝග කර ඇත.

මාන්කුලම් ප්‍රදේශයේ රක්ෂිතයකින් නීති විරෝධී ලෙස කපා තිබියදී පොලිසියට රැගෙන ආ පළු දැව කොට 45ක් මෙලෙස සොරාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්