අතුරුදන්වූවන්ගේ ඥාතීහු සම්පන්දන්ගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවකි

  👤  3684 readers have read this article !
By mawbima 2017-03-21

ත්‍රිකුණාමලය _ ලක්මාල් කේ. බදුගේ

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ ත්‍රිකුණාමලයේ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වූ අතුරුදන් වූවන්ගේ ඥාතීහු විපක්ෂ නායකවරයාගේ නිවෙසේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් පෙරේදා (19දා) පස්වරුවේ විරෝධතාවක යෙදිණි.

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දින දාහතක් පුරා නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන මේ පිරිස විපක්ෂ නායකවරයා ත්‍රිකුණාමලයට පැමිණි බව සැල වීමෙන් පසුව මෙසේ ඔහුගේ නිවෙස ඉදිරිපිටට රැස්වූයේ තම ඉල්ලීම් පිළිබඳව මෙතෙක් සොයාබලා කිසිවක් නොකළ බව පවසමිනි.
විපක්ෂ නායකවරයා පැමිණීමෙන් පසුව ඔහු හා සාකච්ඡා කළ විරෝධතාකරුවන් කියා සිටියේ ඉදිරි දිනකදී ජනාධිපතිවරයා හමුවී අතුරුදන් වූවන් පිළිබඳව පවතින මේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට තමන්ට දිනයක් ලබාදෙන බව විපක්ෂ නායකවරයා පැවසූ බවත් එතෙක් තමන් ආරම්භ කළ සත්‍යග්‍රහය එලෙසම පවත්වාගෙන යන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon