එ.ජා.ප. මධ්‍යම පළාත් සභා මන්ත්‍රි අත්අඩංගුවට

  👤  3740 readers have read this article !
By mawbima 2017-03-21

මහනුවර- කමල් සුරවීර

මහනුවර ඉස්ලාම් ආගමික කමිටු ප්‍රධාන නිලධාරියකුට පහර දුන්නේ යැයි චෝදනා ලත් එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජේ. ඒ. එම්. ලාෆීීර් මහතා මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 18දා මහනුවර ජින්නා සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා හා අදාළ පුද්ගලයා අතර ඇතිවූ උණුසුම් කතාබහක් දුරදිග යෑමෙන් පසුව මන්ත්‍රිවරයා එම පුද්ගලයාට පහර එල්ල කොට ඇති බව සඳහන් වන අතර පහර කෑ ආගමික කමිටු නිලධාරියා මේ වන විට මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පහර කෑමට ලක්වූ අහමඩ් සිද්ධික් නමැති අය විසින් මහනුවර මූලස්ථාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් මහනුවර දෙයියන්නෙවෙල පිහිටි මන්ත්‍රිවරයාගේ නිවෙසට කීපවරක් ගොස් ඇතත් මන්ත්‍රිවරයා නිවසේ නොසිටි බව සඳහන් වේ.

චූදිත පළාත් සභා මන්ත්‍රිවරයා 20දා පෙරවරුවේ නීතිඥ මහතකුගේ මාර්ගයෙන් මහනුවර පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි නාරම්පනාව මහතා විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon