වැලි ලොරිය පෙරැළීගහින්් පොලිස් ලොක්කකුගේ වැලි ජාවාරම හෙළි වෙයි

  👤  3596 readers have read this article !
By mawbima 2017-03-21

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

පදියපැලැල්ල, වලපට්ටාවල ප්‍රදේශයේ නිවෙසක් මතට වැලි ලොරියක් පෙරළීමේ සිද්ධියක් සමඟ මහියංගණය පොලිසියේ රථවාහන අංශයේ උසස් පොලිස් නිලධාරියකුගේ වැලි ජාවාරමක් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

19දා අලුයම එසේ අනතුරට පත්ව තිබෙන්නේ මහියංගණය ප්‍රදේශයේ සිට හඟුරන්කෙත ප්‍රදේශය දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකි.

එය මෙම වැලි ජාවාරමේ නියුතු උසස් පොලිස් නිලධාරියා සතු ලොරි රථ කීපයෙන් එකක් බව කියයි. අනතුර දැනගත් වහාම එම නිලධාරියා පොලිස් නිල ඇඳුමෙන් සැරසී අනතුර සිදුවූ ස්ථානයට පැමිණ සිටි අතර මෙම ලොරියට වැලි ප්‍රවාහන බලපත්‍රයක්ද තිබී නැත. එයට අමතරව රියැදුරු බලපත්‍රයක්ද තිබී නැත.

මේ අන්දමට තම නිල බලය උපයෝගී කරගෙන ඔහු කාලයක සිට ප්‍රවාහන බලපත්‍ර නැතිව නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරන බවටද මෙහිදි තොරතුරු ලැබී ඇත.
මෙම ලොරිය පෙරළීමෙන් එම නිවෙසේ සිටි එස්. එම්. චන්දන නමැති අයකු සහ ටිපර් රථයේ රියැදුරු තුවාල ලබා වලපනේ රෝහලට ඇතුළත් කොට ඇත. එම නිවෙසට බරපතළ හානි සිදුව ඇති අතර නිවෙසේ තිබූ කේටරින් සර්විස් උපකරණ සියල්ල විනාශ වී ඇත. එයින් මෙම නිවැසියන්ගේ ජීවන මාර්ගය ඇහිරී ඇති අතර තම පොලිස් නිල බලය උපයෝගී කරගෙන හොරට වැලි ඇද්දාට ඔවුන්ට සිදු වූ අලාභය වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවනු ඇතැයි අසල්වාසීහු සැක පළ කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්