කොමිෂන්වල නිලධාරීන් ප්‍රශ්න අසන විට ධාතුසේන රජුටත් වඩා වේදනාවක් මට දැනෙනවා

  👤  3722 readers have read this article !
By mawbima 2017-03-21

කලා වැව සැදූ ධාතුසේන රජතුමාට මැටි ගසා මරා දැමුවාටත් වඩා වේදනාවක් කොමිෂන්වල නිලධාරීන් අසන විවිධාකාරයේ ප්‍රශ්නවලින් දැනෙනා බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සමඟ ඛෙත්තාරාම මන්සිල් උත්සව ශාලාවේ පැවැති මහජන රැස්වීමකට ඉකුත් 19දා එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.

රටක් දියුණු වෙන්න ඕනේ නම් දර්ශක කිහිපයක් ඉහළ නංවන්න ඕනේ. සමහර දත්තයන් පහළට දාන්න ඕනේ. රටක දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙන්න වැඩි වෙන්න රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. ඒකපුද්ගල ආදායම වැඩි වෙන්න ඕනේ. විදේශ සංචිත, ඩොලර් තැන්පතු ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ.

අඩුවෙන්න ඕනේ ඒවත් තියෙනවා. දුප්පත්කම අඩු වෙන්න ඕනේ. පොලී අනුපාතය අඩුවෙන්න ඕනේ. එවැනි දේවල් අඩු කරගත්තොත් තමයි රටක ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව අර උඩට ගන්න ඕනේ ඒවා පහළට දාලා. පහළට දාන්න ඕනෙ ඒවා උඩට දාලා. දළ දේශීය නිෂ්පාදනය අඩුවෙලා. ඒකපුද්ගල ආදායම අඩුවෙලා. රුපියලේ අගය අඩුයි. විදේශ සංචිත බැහැලා. පොලී අනුපාතය ඉහළ ගිහින්. ඒ වගේම අපරාධ වැඩිවෙලා. ලෙඩරෝග වැඩිවෙලා. කින්නියාවල ඩෙංගු මදුරුවෝ. ඉස්සර මිනිස්සු මළේ කොටි නිසා. අර දෙහිවල ගල්කිස්ස පැත්තේ බරවත් තියෙනවා. පසුගිය කාලේ බරවා සම්පූර්ණයෙන්ම තුරන් කළා. ඒ දවස්වල කොළඹ කසළ නොතිබුණු පාරවල්වලත් දැන් කසළ. මෙන්න රටේ තත්ත්වේ. මේ තමයි මේ ආණ්ඩුවෙයි අපේ ආණ්ඩුවෙයි වෙනස.

මොන ආණ්ඩුව ආවත් මිනිස්සු කන්නේ බොන්නේ මිනිස්සු හම්බ කරගන්නා දේවල්වලින්. එහෙත් ආණ්ඩුවේ වගකීම තමයි ජනතාවට ඒ දේ පහසුවෙන් කරගන්න අවස්ථාව දෙන එක. කොහොම හරි ගමනක් යද්දී සැප පහසුව කෙටි කාලයකින් වාහනයකින් බස් එකේ නැත්නම් දුම්රියේ ගමන් කරන්න අවස්ථාව තියෙන්න ඕනේ.
මහින්ද චින්තනේ අනුව අපි ඒ හැමදේම කළා. ලංකාවේ පාසල් දහදාහක් තියෙනවා. ඒ පාසල් දහ දාහෙන් නවදහස් අටසීයකට වැසිකිළි කැසිකිළි අපි හදලා දුන්නා. සමහර ගුරුවරියෝ අපිට ඒ දවස්වල කිව්වේ ඉන්ටවල් තුන හතර දෙන්න වෙලා කියලා.

ඒ පාසල්වලට තිබිලා තියෙන්නේ එක වැසිකිළියයි. එදා මහින්ද ජනාධිපතිතුමා හැමදේ ගැනම හෙව්වා. උදේ ආරක්ෂක මණ්ඩලය රැස් වුණොත් සවස ආහාර සුරක්ෂිතතාව ගැන කතා කළා. අපිට වෙලාවක් තිබුණේ නැහැ. හැමදාම එතුමා හාල් මිල, පොල් මිල ගැන සොයා බැලුවා. දැන් මගේ වෙලාවෙන් දේශපාලනයට වෙන් වෙන්නේ සීයට විස්සයි. ඉතුරු සීයට අසූවම එෆ්. සී. අයි. ඪී. එකට දුවනවා. විමල් වීරවංශ මැතිතුමා සිරගත කරලා දින සීය ඉක්මවන්න ඔන්න මෙන්න. එතුමා උපන් දිනයටත් හිරේ. මම උපන් දිනයටත් හිරේ. වෙසක් පෝයටත් ඇතුළේ. පොසොන් පෝයත් ඇතුළේ. යාන්තම් ඇසළ පෝයට එළියට ආවා.

ආයෙත් නිකිණි පෝයට ඇතුළේ. එහෙම තමයි. මේ ටිකේ දිගටම පක්ෂේ සාමාජිකයන් දිරිමත් කරන්න වැඩසටහන් කරනවා. පත්තරේ මේවා ගියාම තවත් නඩුවක් වැටෙයි. රාජපක්ෂලා කරපු නැති ඒවටත් නඩු වැටෙනවා. රණවිරු සෑයට රත්රන් පිළිමයක් නිදන් කළා කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයත් කොමිෂන්වලට කැඳවනවා. කලා වැව හැදුවේ ධාතුසේන මහ රජතුමා. මේක හැදුවට පස්සේ එතුමාගේ පුතා පෙන්නලා අහනවා පිය රජතුමාගෙන් "ඔබගේ වස්තුව මට දෙන්න කියලා. ඒ වගේම තමයි අපිටත්. අර ධාතුසේන රජතුමාට මැටි ගැහුවට වඩා අමාරුයි අහන ප්‍රශන්වලට උත්තර දෙන එක.

දවසක් කොමිසමේ කෙනෙක් මගෙන් අහනවා "ඔබ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා නේද?" කියලා. මම කියනවා "ඔව්" 2010 අප්‍රේල් මස 23දා සිට 2013 ජනවාරි 8දා දක්වා අති විශේෂ ගැසට් පත්‍රයකින් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ආර්ථික හා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. පසුගිය කාලේ මම ළමා හා මාතෘ සායන හැදුවනේ. ඒවායේ වැසිකිළිවල ‍ෙදාරවල් නෑ. අර ‍ෙදාස්තර මහත්තයා පරීක්ෂා කරන කොට පෞද්ගලිකත්වය රැකෙන්න අඩුම තරමේ දාන්න රෙදි කෑල්ලක්වත් නෑ. මූත්‍රා සාම්පලයක් ගන්න වැසිකිළියක් නෑ. අපි ඒවා හොඳට හැදුවා. ඒවා හැදුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන්. දැන් මගෙන් අහනවා ආර්ථික සංවර්ධනය හා මාතෘ සායනය අතර සංවර්ධනය කුමක්ද කියලා. මොකද්ද මම කියන්න ඕනේ. මම කිව්වා අනේ ඉතින් රාලහාමි ඕක ඔයාගෙ අම්මාගෙන් ගිහින් අහන්න කියලා. ඔන්න ඕව තමයි අපෙන් අහන්නේ. හැබැයි අපි කියනවා රාජපක්ෂලා හිරේ ගියේ අද ඊයේ නෙවෙයි. එදා නවසිය තිස් හයේදී ඩී. එම්. රාජපක්ෂ මහත්තයා වැලිකඩ හිරගෙදර හිටියා. මහින්ද රාජපක්ෂ 56 හර්තාලයට සිරගෙදර හිටියා මාස හයක්. අපේ ආදරණීය මෑණියන්ව බලන්න එතුමාට නවලෝක රෝහලට යන්න අවසර දුන්නේ නැහැ. එතුමා අපේ අම්මාගේ මරණයට ආවේ අතේ විලංගු දාගෙන. ඒක නිසා රාජපක්ෂවරුන්ට ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.

එහිදී අදහස් දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ
මිනිසුන්ට බොරු කියලා කියලා පසුගිය මැතිවරණ ජයග්‍රහණය කළා. පසුගිය මැතිවරණයෙන් රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා අගමැතිතුමා පොරොන්දු වුණා. කෝ රැකියා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කර්මාන්ත ශාලා 2 ගාණේ දානවා කිව්වා. ඒකත් නෑ. විසි නව වතාවක් ඡන්ද පැරදුණු වික්‍රමසිංහ මහතත්යා හොඳට දන්නවා දේශපාලනයේ හැටි. දේශපාලනයේ පරිණත වුණු මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දන්නවා දේශපාලනයේ හැටි. ඇයි මේ අය පළාත් පාලන ඡන්දය නොතියන්නේ.

ඡන්දෙ තිබ්බොත් එදා සුනාමියට හපන් යහපාලන ආණ්ඩුව සෝදලා යනවා. ඒකයි ඡන්දේ තියන්න නැත්තේ. යහපාලනය කියලා ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල. ප්‍රජාතන්ත්‍රවාදී ආසියානු ෆැසිපික් සංවිධානයේ සභාපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන පක්ෂ දෙක තමයි ජනතාවගේ ඡන්ද අයිතිය නොදෙන ප්‍රජාතන්ත්‍රවාදය රකින යහපාලන ආණ්ඩුව. මේවාට කොහෙන්ද හිනා යන්නේ.

නීතියේ ආධිපත්‍ය තියෙනවා කිව්වට අද මිනිස්සු මරන්නේ බල්ලෝ මරනවා වගේ. එදා ගෝඨාභය මහත්තයා ඉන්න කාලේ පාතාලේ තිබ්බද? නෑ.

සවනි ශේෂාධි
ඡායා - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon