කින්නියාවෙන් දිනකට ඩෙංගු රෝගීන් 40ක්

  👤  3605 readers have read this article !
By mawbima 2017-03-21

හර්ෂනී අර්සකුලරත්න

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර හේතුවෙන් දිනකට කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් රෝගීන් හතළිහකට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම්. තවුෆික් පවසයි.

ඒ අනුව ත්‍රිකුණාමලය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් දිනකට රෝගීන් 10ක් පමණ, ඔප්පුවේලි කොට්ඨාසයෙන් දිනකට රෝගීන් 15 ක් පමණ හා කුච්චවේලි සහ මුත්තූර් කොට්ඨාසවලින් රෝගීන් දෙතුන් දෙනකු පමණ වාර්තා වන බවත් ඒ මහතා පැවැසීය.

මේ අවදානම් තත්ත්වය මර්දනය කිරීම සඳහා කින්නියා සහ ත්‍රිකුණාමලය රෝගීන් කළමනාකරණයට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවද අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

ඒ අනුව පළපුරුදු වෛද්‍ය කණ්ඩායම් සහ හෙදියන් එම ප්‍රදේශවල සේවය සඳහා යොදවා ඇති බවත් අවශ්‍ය අති නවීන උපකරණද අදාළ රෝහල් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා කීවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා පැවැසුවේ මේ අවදානම් තත්ත්වය නිසා මේ වනවිට කින්නියාහි ඇඳන් 6කින් යුත් අධි සත්කාර ඒකකයක් පිහිටුවීමටද කටයුතු කර ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon