ශ්‍රී ලංකාව රන් පදක්කම් 5ක් දිනාගනී

  👤  3508 readers have read this article !
By mawbima 2017-03-21

ශ්‍රී ලංකාව 2017 වසරේදී සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගාවලිය වන බෘෘනායි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 5ක් ඇතුළුව පදක්කම් 6ක් දිනාගැනීමට සමත්වීම කැපී පෙනිණි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සාරංගි සිල්වා රන් පදක්කම් දෙකක්ද, අසංක ඉන්ද්‍රජිත්, නදීෂා රාමනායක හා සුමේෂ් වික්‍රමසිංහ එක් රන් පදක්කම බැගින් දිනා ගැනීම විශේෂත්වයකි.

එහිදී සාරාංගි සිල්වා මීටර් 100 කාන්තා තරගය තත්. 12.47කදී ද, දුර පැනීම ඉසව්ව මී. 5.77කදී ද සටහන් කරමින් රන් පදක්කම් දෙකක් දිනාගනිද්දී මීටර් 400 කඩුලු ඉසව්වේදී අසංක ඉන්ද්‍රජිත් තත්.53.36කදී අවසන් කරමින්ද, මීටර් 200 පිරිමි ඉසව්වට සහභාගි වූ සුමේෂ් වික්‍රමසිංහ තත්. 21.79කදී ද, මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නදීෂා රාමනායක වි.2.17.73 කදී ද අවසන් කරමින් අනෙක් රන් පදක්කම්වල අයිතිය තහවුරු කරගනු ලැබීය.

මේ අතර මීටර් 200 තරගයේ රන් පදක්කමක් දිනාගත් සුමේල් වික්‍රමසිංහ මීටර් 100 ඉසව්ව තත්. 10.82කදී අවසන් කරමින් ලෝකඩ පදක්කමක්ද දිනා ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්