ත්‍රිරෝද රියකින් ගිය තාත්තයි-දුවයි බස් මාරයකුට බිලි

  👤  2909 readers have read this article !
By mawbima 2017-03-20

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ, වාන්ඇළ - රවීන්ද්‍ර ගීගනගේ

ත්‍රිකුණාමලය - මඩකළපුව ඒ - 15 මාර්ගයේ වාකරේ පොලිස් වසමට අයත් වෙරුගල් පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගියේ ත්‍රිකුණාමලය, පාලයුත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි රීච් ක්ලීපර් අල්විස් ඇඩොස් (56) නමැති පියා සහ කැනෝන් ක්‍රිස්ටිනා ඇඩොස් (19) නමැති දියණියයි.
පියා සහ දියණිය අම්පාරේ සිට ත්‍රිරෝද රථයෙන් ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් තුවාල ලැබූවන් සේරුනුවර ග්‍රාමීය රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි. බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතුව බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. වාකරේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon