රැඳෙව්වන්ට ආභරණ පැලඳීම තහනම් වුවත් වෙඩි කා මැරුණු සමයං රන් රිදී මුදු පැලඳ ඉඳලා

  👤  2747 readers have read this article !
By mawbima 2017-03-20

මතුගම - වසන්ත කුමාර

බන්ධනාගාර ගත කරන කිසිදු රැඳවියකුට හෝ සිරකරුවකුට කිසිම ආභරණයක් පැලඳ සිටීම තහනම් වුවත් මියගිය පාතාල නායක අරුණ දමිත් උදයංග නොහොත් "සමයං" නමැත්තා බන්ධනාගාරය තුළදී ආභරණ පවා පැලඳ සිටි බව හෙළිව ඇත.

ඒ බව හෙළි වූයේ පසුගිය 16දා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැති මරණ පරීක්ෂණයේදීය. මියගිය අරුණ දමිත් උදයංග නොහොත් "සමයං" ඝාතනය වන විට පැලඳ සිටි බව කියන රන් මුදුවක් හා රිදී මුදු දෙකක් සමයංගේ බිරියට භාරදීමට උතුර කළුතර පොලිසිය කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව "සමයං" ගේ භාර්යාවට එම මුදු භාර දෙන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය උතුරු කළුතර පොලිසියට නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්