රැකියාවට යන්න බස් නැවතුමේ සිටි බිරියට සැමියා තියුණු ආයුධයකින් පහරදීලා

  👤  2786 readers have read this article !
By mawbima 2017-03-20

බද්දේගම - ඕ. කමලනාථ, වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

බද්දේගම, ඇල්ලකන්ද තුංමන්හන්දියේ බස් නැවතුම්පොළේදී පසුගිය 17දා පුද්ගලයකු විසින් ඔහුගේ බිරියට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇතැයි බද්දේගම පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ බිරිය බද්දේගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

තුවාල ලබා ඇත්තේ බද්දේගම, ඇල්ලකන්ද වත්තේ පදිංචි 28 වියැති ටෙක්ලා ගීතාන්ජනී වේරගොඩ නමැති එක්දරු මවකි. ඇයට පහර දුන්නේ යැයි කියන පුද්ගලයා නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා බවද පොලිසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. එම කාන්තාව සිත් අමනාපකමක් ඇති කරගෙන දැනට වසරක පමණ කාලයක සිට ස්වාමියාගෙන් වෙන්වී ඇයගේ මවුපියන්ගේ නිවෙසේ පදිංචිව සිටී. එකී විරසක වීම සම්බන්ධයෙන් මීට වසරකට ඉහතදී පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon