ෆුල්ෆේස් හෙල්මට්කරුවන්ට පොලිසියෙන් තර්ජන

  👤  2901 readers have read this article !
By mawbima 2017-03-20

උදයන්ති මුණසිංහ

පසුගිය පෙබරවාරි 23 වැනිදා නිකුත් වූ ගැසට් නිවේදනය හේතු කොටගෙන ෆුල්ෆේස් හිස්වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් තර්ජන සිදුකරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

'ෆුල්ෆේස් හෙල්මට් ආයේ දැම්මොත් උසාවි දානවා' යැයි පවසා යතුරුපැදිකරුවන් බිය වද්දන බවත් පෑලියගොඩදී කොළඹ නාගරික පොලිසියත්, කළුතර උතුර පොලිසිය හා ගම්පොළ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලදී පොලිස් නිලධාරීන් මෙලෙස තර්ජනයන් සිදු කළ බවට තොරතුරු වාර්තා වූ බවත් එම සංගමය පවසයි.
අධිකරණ අතුරු තහනම් නියෝගය මඟහරවා යමින්, ප්‍රමිතිකරණය මුවාවෙන් ෆුල්ෆේස් තහනම් කිරීමේ හා භාවිතය අධෛර්ය කිරීමේ මෙම රජයේ දිගුකාලීන කූට වෑයම පරාජය කරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

වර්ණ නොගැන්වූ වයිසරයක් සහිත ෆුල්ෆේස් හිස්වැසුමක් පැලඳි විට පොලිස් නිලධාරීන් තර්ජන සිදු කරනවා නම් වහාම එම පොලිස් නිලධාරියාගේ අංකය සටහන් කරගෙන 0773083479 යන දුරකතන අංකය හරහා තම සංගමය දැනුවත් කරන ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon