ශිල්පායතනය නැවත ඇරැඹීමට සාකච්ඡා කර විසඳුමක් දෙනවා

  👤  2820 readers have read this article !
By mawbima 2017-03-20

උපතිස්ස පෙරේරා

පසුගිය කාලයේ තරුණ සේවා සභාවේ වැඩ කටයුතු දේශපාලනීකරණය වූ නිසා ජාතික තරුණ සේවා සභාවේ සැබෑ අරමුණු ඉටු නොවූ බවත් ඒ යටතේ ක්‍රියාත්මක වූ දේශපාලන ශිල්පායතනය නැවැත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දෙයි.

නෙළුව, හප්පිටිය ප්‍රදේශයේ පැවැති 'ගමට කෝටියක්' වැඩසටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් රිදීතරු පාලම නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගි වූ තරුණ පිරිසක් කලකට පෙර ක්‍රියාත්මක වූ දේශපාලන ශිල්පායතනය යළි ආරම්භ කිරීම පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව ලබා දුන්නේය.
එමෙන් දැනට තිබෙන සම්පත් සැලකිල්ලට යොමුකර ගමේ අවශ්‍යතා මත කොට්ඨාස පදනම් කරගෙන තරුණ මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවද අග්‍රමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon