බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ ලොරි රියැදුරන් දෙපළකට රු. ලක්ෂයක දඩයක්

  👤  2834 readers have read this article !
By mawbima 2017-03-20

අමිල අබේරත්න

බලපත්‍ර නොමැතිව වැලි සහ වැලි මිශ්‍ර පස් ප්‍රවාහනය කළේ යැයි කියන චෝදනාවකට වරද පිළිගත් ලොරි රථ රියැදුරන් දෙදෙනකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය එම වැලි තොගය රාජසන්තක කිරීමටද නියෝග කළාය.
වෙන් වෙන් වශයෙන් රුපියල් 50,000 බැගින් එලෙස රුපියල් ලක්ෂයක දඩ නියම වූයේ එන්. නඩරාජා සහ එච්. නිමලසේන නමැති රියැදුරන් දෙදෙනකුටය.
ඔවුන් විසින් වැලි කියුබ් 6ක ප්‍රමාණයක් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර තිබිණි.
ඔවුන්ට එරෙහිව නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කොල්ලුපිටිය පොලිසිය විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon