නොරොච්චෝලෙට ගල් අඟුරු ගෙන ඒමේදී රු. මි. 1,530ක මූල්‍ය පාඩුවක් කළ සිද්ධිය: නඩුවට නොපැමිණි චූලානන්දට වරෙන්තු

  👤  2817 readers have read this article !
By mawbima 2017-03-20

අමිල අබේරත්න

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ලංකා කෝල් සමාගම මඟින් ගල් අඟුරු ගෙන්වීමේදී රුපියල් මිලියන 1,530ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුකර ඇතැයි කියන සිද්ධියේ සැකකරුවකු වන ලංකා කෝල් සමාගමේ අධ්‍යක්ෂවරයකුව සිටි චූලානන්ද දෙල්ගොඩ නමැති අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වරෙන්තු නිකුත් කළාය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ සැකකරු අධිකරණයේ පෙනී නොසිටීමේ හේතුව මතය.
සිද්ධියේ අනෙකුත් සැකකරුවන් වන එවකට ලංකා කෝල් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ කංචන රත්වත්තේ, රවීන්ද්‍ර ජයවික්‍රම, බණ්ඩාර රණතුංග යන අයගේ විදේශ ගමන් තහනම කොටුව මහෙස්ත්‍රාත්වරිය විසින් ඉවත්කරනු ලැබූ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම ඉවත් කරනු ලැබුවේ විදේශ ගමන් තහනම ඉවත් කරදෙන ලෙස සැකකරුවන්ගේ නීතිඥයන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 27 වැනිදා කැඳවන ලෙසද කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඉදිරි උපදෙස් සඳහා උද්ධෘත නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon