කුසල් හා තිසර යළි එක්දින සංචිතයට

  👤  2807 readers have read this article !
By mawbima 2017-03-20

එළඹෙන 25 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේ නායකත්වය නැවත වරක් උපුල් තරංග වෙත පැවරී ඇති අතර කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා නැවතත් එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය මේ දක්වා සම්පූර්ණ සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහු තව දුරටත් විවේක ගන්වා ඇති අතර ආබාධයක් හේතුවෙන් මාස කිහිපයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ධනුෂ්ක ගුණතිලකටද නැවතත් ශ්‍රී ලංකා එක්දින සංචිතයේ අවස්ථාවක් හිමිව ඇත.

නම් කළ සංචිතය තුළ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග සහ කුසල් ජනිත් පෙරේරා යන ආරම්භක පිතිකරුවන් සිවුදෙනකු ඇතුළත්ව සිටීමද කැපීපෙනෙන සිදුවීමක් වන අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගියදා පැවැති විස්සයි -20 තරගාවලියේදී කණ්ඩායමට එක්වූ ලසිත් මාලිංග මෙම එක්දින තරගාවලිය සඳහා නම් කර නැත. සුරංග ලක්මාල්, ලහිරු කුමාර සහ විකුම් සංජය බණ්ඩාර වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට එක් කර ඇත.
සටහන - කෝසල ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon