බංග්ලාදේශය ගැන සැහැල්ලුවෙන් හිතුවේ නැහැ

  👤  2733 readers have read this article !
By mawbima 2017-03-20

රංගන ටෙස්ට් තරග නායකත්වය භාර ගැනීමෙන් පසුව එක දිගට තරග 3ක්ම ජයග්‍රහණය කොට සිවුවැනි තරගය ඊයේ පරාජයකින් නිමා කිරීමද ඔහුට නව අත්දැකීමක් වනු ඇත. කෙසේ වෙතත් ඊයේ තරගයෙන් පසුව මාධ්‍ය හමුවක් ඇමැතූ රංගන කියා සිටියේ මෙම තරගාවලිය තරමක් අසීරු තරගාවලියක් බව තමන් ආරම්භයේදීම ප්‍රකාශ කළ බවයි.

එයට හේතුව වත්මන් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම හා තම කණ්ඩායම සම තත්ත්වයක පවතින නිසා බව කී ශ්‍රී ලංකා නායකයා "ගාල්ලේදී අපිට වාසියක් වුණේ අපි පළමු ඉනිමේදී ලකුණු 500කට වඩා අරගෙන විශාල පරතරයක් හදා ගත්තා. ඒකෙ වාසියෙන් අපි තරගය දිනුවා. මෙම තරගයේදී ඒ දේම කරන්න බැරි වුණා. කණ්ඩායම් දෙකම ගත්තාම ටෙස්ට් මැච් එක හොඳට කරපු කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළා. අපි මේ දෙවැනි තරගයේදී ගොඩාක් වැරැදි කළා. විශේෂයෙන් පන්දුවට පහර දෙද්දි. පන්දු රකිද්දි. තරගාවලිය අපේ අතින් ගිලිහෙන්න ඒව තමයි ගොඩක් හේතු වුණේ. ඒ දේවල් ගැන බලල මහන්සි වෙලා ඉදිරියේදී කටයුතු ඕන" යනුවෙන් පැවැසීය.

දෙවැනි ඉනිමේදී ලබා ගත් ලකුණු 190ක වාසියෙන් තරගය දිනන්න පුළුවන්ද කියල විශ්වාසයක් තිබුණද යන පැනයට පිළිතුරු දෙමින් රංගන කියා සිටියේ ඉන්දියාව හා පාකිස්තානයට එරෙහිව මීට පෙර මීටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවෙන් යැපිල තරග දිනපු බැවින් දඟ පන්දු යවන්නන් තුන් දෙනකු සමඟ ඊයේ තරගයද ජයගනු හැකි වෙතැයි තමන් සිතූ බවයි. ඒ අනුව තමන් දිවා භෝජනයට පෙර කඩුලු 2ක්ම ලබා තරගයට අවතීර්ණ වූ බව කී රංගන හේරත් "දිවා භෝජනයෙන් පසුව එයාලා ලකුණු අතරට ඉක්මනට ආවා. ක්‍රිකට් ක්‍රීඩා කරද්දි දුක් බර අවස්ථාවලට මුහුණ දෙන්න වෙනව. අපි දෙවරක් වර්ල්ඩ් කප් ෆයිනල් ඇවිත් පැරදුණා. මේකත් එක්තරා දුකබර මොහොතක්. වැරදි අඩු කරගන්න තරමට තමයි ජයග්‍රහණ ලැබෙන්නෙ. ගාල්ලේදී දිනල මෙහෙදි පරදින එක හැමදාම වෙන්නෙ ඒක හිතල කරන දෙයක් නොවෙයි. ඒක අපේ දක්‍ෂතා මත සිදුවන දෙයක්" යනුවෙන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්